Saturday, September 21, 2024

ඉන්දීය ධීවරයින්ගේ නීතිවිරෝධී ධීවර කටයුතු නිසා මන්නාරම් ධීවරයෝ හාමතේ ?

Must read

මන්නාරම දිස්ත්‍රික් ධීවර සංවිධාන නියෝජිතයින්  විිසින්  ජඩ්සන් පිග්‍රාඩෝ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේදි අද මාධ්‍ය හමුවක්  (20) පවත්වන ලදී. මන්නාරම දිස්ත්‍රික් ධීවර සංවිධාන නියෝජිතයින් විසින් ඒහිදී කියා සිටියේ  ඉන්දීය ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  ධීවර කටයුතුවල නිරත වන  මේ හේතුවෙන් බවත් ඔවුන්ගේ ධීවර දැල් ඇතුළු උපකරණවලට හානි සිදුවෙමින් විශාල ගැටලුවලට මුහුණ පා සිටින බවත්ය.

ඊට සහභාගී වී අදහස් දක්වමින් ඔවුන් මේ බව කියා සිටියා.

 

ඉන්දීය ධීවරයින්ගේ අඛණ්ඩ නීතිවිරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින් විශේෂයෙන්ම උතුරේ ධීවරයින් විවිධ ගැටලුවලට මුහුණ පා සිටිනවා. අපේ ධීවරයන්ගේ ධීවර දැල් මුහුදේ තබාගෙන රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුවී තිබෙනවා.මේ හේතුවෙන් මේ වන විට ධීවරයින් විවිධ ගැටලුවලට මුහුණ පා සිටින අතර ඉන්දීය ධීවරයින් මන්නාරම් මුහුදට පැමිණ මසුන් ඇල්ලීම ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් මන්නාරම ධීවරයින් හිස් අතින් වෙරළට පැමිණෙනවා. මේ නිසා වැඩිපුර පීඩාවට පත්වන්නේ ධීවර කාන්තාවන්.

ධීවරයින් මසුන් ඇල්ලීම අඩු වුවහොත් කාන්තාවන් සහ  ධීවර පවුල් ද පීඩාවට පත්වේ.

විශේෂයෙන්ම   ධීවර පවුල්වල කාන්තාවෝ දැල්වලට මාළු කැපීම, දැල්වල මාළු ඉවත් කිරීම වැනි වැඩ කරති. – ලැබෙන ආදායමෙන් ඔවුන් තම ජීවනෝපාය ඉදිරියට ගෙන යති. මේ වන විට ටෝලර් යාත්‍රාවලින් මුහුදේ දැල්වලට හානි සිදුවී ඇති අතර ධීවර කටයුතුවල නිරත නොවීම හේතුවෙන් ඉන්දීය ධීවරයින්ට රැකියා අහිමිවෙමින් පවතී.

ඒස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article