Saturday, November 16, 2024

ජුලි 01 වනදා සිට සීට් බෙල්ට්,එයර් බෑග්,ඒබිස් අනිවාර්ය කෙරේ

Must read

B9326830929Z.1_20170323141808_001_GVSHR2SAV.1-0

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන  ජූලි මස 01 දා සිට මෙරටට ආනයනය තහනම් කෙරේ.

ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air bags), අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති (Anti-locking Breaking System (ABS)) සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි (Three point seat belt) තිබීම අනිවාර්ය වේ.
2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 දා සිටි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුදු වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article