Saturday, November 23, 2024

සත්ත්ව හිංසනය නවත්වන්න අනුර ඩඩ්ලිට දුන් පොරොන්දුව …

Must read

මේ දවස්වල සතුන් පිළිබදව වැඩි අවධානයක් ෆේස් බුක් පිටුවලත් පැතිරිලා . අර නෝනා කෙනෙක් යටකරගෙන ගිය බලු පැටව් දෙන්නා ගැන ඇතිවුණ කතා බහ විතරක් නෙමෙයි සත්ත්ව අයිත්න් වෙනුවෙන් පෙනි සිටින සංවිධානය ඊට කරල තිබුන මැදහත්විමත් ඉතාමත් වැදගත් .

ඒ හින්දම අර නෝනව අත්අඩංගුවට ගන්න පොලිසියට සිදුවුනා.

දැන් සත්තු ගැන තවත් ෆේස් බුක් කථාවක් . ඒක තවත් රසවත් විතරක් නෙමේ ඇත්තට හරිම වැදගත් .

අනුරලාගේ රැස්විම් ගැන ඩඩ්ලිගේ ප්‍රතිචාරය .

මැතිවරණ වේදිකාවල රතිඤ්ඥා, මල්වෙඩි මැතිවරණ රැස්වීවලදී භාවිත කිරිම පිළිබඳව ඇතිවූ ගැටලුවක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත තමන් දුන් අවවාදයක් ඔහු පිළිගත් බව මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන එයාගේ ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් පවසලා තිබුන කියල  ada.lk වෙබ් අඩවිය වාර්තා කරල තියෙනව.

කොහොම උනත් ජනප්‍රිය මැතිවරණ රැළි දේශපාලනයට පිවිසිලා ඉන්න ජාතික ජනබලවේගය එදා එයාල විසින්ම විවේචනය කරපු දේවල් දැන් කරන්න පටන් අරන් . එහෙම කරන්න වෙලා කිව්වොත් ඒක  තමයි හරි.
කොහොම උනත් බව්වන් ගැන අනුර දුන්න පොරොන්දුව ඉටුකරයිද කියල බව්වන්ගේ අයිතිත් වෙනුවෙන් පෙනි සිටින සංවිධාන අවදි වෙයි.
කියපු දේ නොකෙරුවොත් විවේචන දැඩි වෙයි.
මොකද බව්වන්ගේ අයිතින් වෙනුවෙන් පෙනි ඉන්න බහුතරයක් ඒක කරන්නේ බොක්කෙන් එහෙම නැතිව මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ගැන ව්‍යාපෘතියේ මුදල් ගානට හිතන අයගේ විදියට නම් නෙමෙයි

ඩබ්ලි සිරිසේනගේ ෆේස්බුක් සටහන

“මීට දෙදිනකට කළින් මට හරි අපූරු තෑග්ගක් ලැබුණා. ඒක දුන්නෙ මගේ නිළ ඡායාරූප ශිල්පියා වන නිලංග විජේසේකර විසින්. එදා, මම ජීවිතේ කොටසක් කරගෙන ආදරේ කරන මගේ හුරතල් බංචිගෙ විශාල ඡායාරූපයක් නිලංග මට ත්‍යාගයක් විදියට ලබා දුන්නා. 

ඉකුත්දිනයක මහරගම පැවති දේශපාලන රැළියක දල්වන ලද රතිඤ්ඤා, මල් වෙඩි සහ අහස් කූරු නිසා ඇතිවුණු අධික ශබ්දය හේතුකොටගෙන මගේ නිවසේ ඇතිවුණු බලු පොරයත් එක්ක මේ ජාතියෙම ‘ කලු කොල්ලා ‘ මාව දාල ගිය නිසාම, නිලංග දුන්න මේ තෑග්ග මාව ගොඩක් සංවේදී කළා.

කොහොමින් කොහොම හරි එදා මට වුණ දේ කාටවත් ආයෙ නොවෙන්න කියල හිතාගෙන මම ජාතික ජන බළවේගයේ නායක අනුර කුමාරටත් පෞද්ගලිකවම කතා කරලා මේ සම්බන්ධයෙන් යම් අවවාදයක් සහ දැනුවත්කිරීමක් සිදුකළා. 

මෙහිදී මගේ ඉල්ලීම එකහෙළාම පිළිගත්ත ඔහු ආයෙ එයාලගෙ මැතිවරණ වේදිකා වල රතිඤ්ඤා සහ මල් වෙඩි නොදමන්නත්, එසේ දැමිය යුතු අවස්ථාවන් වල ඒවා උපරිමයෙන් සීමා කිරීමටත් මා හට පොරොන්දු වුණා. 

මොනව වුණත් රටේ ප්‍රධාන ධාරාවක දේශපාලන නායකයෙක් විදියට මේ අසරණ සතුන් ගැන සංවේදී වෙලා මගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වපු එක ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕන නිසාමයි මේ සටහනට ඒ කොටසත් මම එකතු කරන්නෙ. ඒ නිසා ඉස්සරට එන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදිවත් මේ ටික සිහියේ තබාගෙන, අසරණ සතුන් වෙනුවෙන් ඒ පුංචි කැපකිරීම කරන්න කියල මම ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article