Saturday, November 23, 2024

‘සුළු ජාතීන්ට ඔවුන්ගේ හඬ ජාත්‍යන්තර තලයට ගෙන යාමට ඉංග්‍රීසි අධ්‍යාපනය අවශ්‍යයි’ – ‘අනීසා ‘ විධායක අධ්‍යක්ෂ,

Must read

විවිධ අර්බුදවලට මුහුණ දෙන සුළු ජාතීන්ට ඔවුන්ගේ හඬ ජාත්‍යන්තර තලයට ගෙන යාමට ඉංග්‍රීසි අධ්‍යාපනය අවශ්‍යයි
අනීසා, විධායක අධ්‍යක්ෂ, පර්යේෂණ හා සංවර්ධන සඳහා වන කාන්තා සංගමය

ශ්‍රී ලංකාවේ විවිධ අර්බුදවලට මුහුණ දෙන සුළු ජාතීන්ට තම හඬ ජාත්‍යන්තර තලයට ගෙන යාමට නම් ඉංග්‍රීසි අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව පර්යේෂණ හා සංවර්ධන ඉස්ලාමීය කාන්තා සංගමයේ විධායක අධ්‍යක්ෂ සහ ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ අනීසා ෆිර්දවුස් මහත්මිය පැවසුවාය.
කෙන් ඉංග්‍රීසි ආයතනයේ අධ්‍යයන කටයුතුවලින් විශිෂ්ටතා දැක්වූ සිසුන් 273 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ 13 වැනි වාර්ෂික උත්සවය 2023.02.19 ඉරිදා දින කාතන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට මඩකලපුව  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.එම්. අමීර්, කාතන්කුඩි දිස්ත්‍රික් අධ්‍යාපන නිලධාරී එම්.එම්. කලඋද්දීන්, මඩකලපුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු සභාපති එම්.අයි.එම්. නවාස් ඇතුළු ඉංග්‍රීසි ආයතනයේ විද්වතුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ නිලධාරීහු රැසක් ද සහභාගි වූහ.

උත්සවයේ මුලසුන දැරූ විදුහල්පතිනි අනීසා මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ඉංග්‍රීසි ඉගෙනීම නිකම්ම විෂයක් ඉගෙනීම පමණක් නොවන බවයි. එය ඔබට ජාත්‍යන්තර ගමන් බලපත්‍රයක් වනු ඇත. දැන් අපේ රටේ පවතින ආර්ථික හා අස්ථාවර තත්ත්වය නිසා බොහෝ පිරිසක් රැකියා සොයා රට හැර යන තත්ත්වයක් අපට දකින්නට ලැබෙනවා.  මේ අතර සුළු ජාතීන් වශයෙන් අපි විවිධ අර්බුදවලට මුහුණ දෙනවා. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර තලයට හඬක් නඟා අපේ අයිතිවාසිකම් කියන්න බැරි තත්ත්වයකට අපි පත්වෙලා.

ඉංග්‍රීසි විශ්ව භාෂාව හරහා සන්නිවේදන කුසලතා නොමැතිකම අපගේ ප්‍රශ්න ජාත්‍යන්තර තලයට ගෙන යාමට බාධාවක් වී ඇත. භාෂා සන්නිවේදනයේ තිබෙන මේ බාධකය නිසා අපේ ප්‍රශ්න ජාතික තලයට ගෙන ගිහින් විසඳන්න බැහැ.
ඒ නිසා අපි ඉංග්‍රීසි ඉගෙන ගෙන ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගත යුතුයි. ඉංග්‍රීසි භාෂාව කෙනෙකුගේ පෞරුෂය හැඩගස්වන බවට සැකයක් නැත. එබැවින් වර්තමාන රටේ ආර්ථික පරිහානියට සහ අර්බුදකාරී තත්ත්වයන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයට නියම වේලාවට අත දිය හැකිය.

තවත් බොහෝ ආරාධිතයින් ද මෙම අවස්ථාවට ඉංග්‍රීසි අධ්‍යාපනයේ අවශ්‍යතාවය ගැන කතා කළහ. එමෙන්ම සිසුන්ගේ නාට්‍ය සංදර්ශන තුළින් ඉංග්‍රීසි අධ්‍යාපනයේ අවශ්‍යතාවය අවබෝධ වූ අතර තරුණ ප්‍රජාව තුළ මත්ද්‍රව්‍ය භාවිතයේ බලපෑම ද අනාවරණය විය.

වී. ශක්තිවේල්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article