Friday, September 20, 2024

නිදහස් දිනය දා උතුරු ,නැගෙනහිර හර්තාල් ….

Must read

නිදහස් දිනය වෙනුවෙන් අද උතුරේ සහ නැගෙනහිර හර්තාලයක් දියත් කර තිබේ.

75 වෙනි නිදහස් දිනය කළු දිනයක් බවට උතුරේ සහ නැ⁣ගෙනහිර දේශපාලන පක්ෂ මෙන්ම සමාජ කණ්ඩායම් විසින් ප්‍රකාශ කර තිබුන අතර දකුණේද සමාජ මාධ්‍ය හරහා ඉල්ලා තිබුනේ කලු කොඩි දමන ලෙසය.
කෙසේ වෙතත් දකුණේදි ඒ වෙනුවෙන් කොයිතරම් නම් ප්‍රතිචාරයක් තිබුනේද වාර්තා ෆේස් බුක් පිටු අතරේ තවමත් දකින්නට නැත.

එහෙත් දෙමළ ජනයා ආණ්ඩුවට සිය විරෝධය වඩාත් සාමුහිකව ප්‍රකාශ කර තිබේ

⁣ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් නිදහස් දිනයට පෙර ලබාදෙන බවට ජනපති රනිල් විසින් පවසා තිබුණි.13 ව්‍යවස්ථා  සංශෝධනයට ක්‍රියාත්මක කිරිමට රජයේ සුදානමට එරෙහිව දැනටමත් ජාතිවාදින් සිය විරෝධයන් පළකරමින් සිටිති.

මේ අතර දකු⁣නේ සමාජ දේශපාලන කණ්ඩායමේ උතුරේ සහ නැගෙනහිර ජනයාගේ ප්‍රශ්න ගැන නෑසු කන්ව දකු⁣ණේ දේශපාලන මාධ්‍ය සංදර්ශන පවත්විමින් සිටිති.

ත්‍රස්ත පණත යටතේ නඩුත් නැතිව දශකයකටත් වඩා කාලයක් සිරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් ගැන ප්‍රගතිශිලි කතෝලික සභාව පවා හඬ අවදි කරන බවක් නොපෙනේ.එහෙත් නිදහස් දිනයට එරෙහිව ඔවුන් වීදි බැස සිටිති.

වසනත්ගේ මුදලිගේ සිරගත කිරිම වෙනුවෙන් මහ පාරේ මෙන්ම ෆේස් බුක් පිටු අතර කම්පාවන සිවිල් සමාජ ක්‍රියාකාරින්ගේ උතුරු ට අදාල  නිහඬබව සැබැවින්ම තක්කඩි කමකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article