Saturday, November 23, 2024

ත්‍රිමලේ සිසු ඝාතනය ලොවට හෙළි සුගිර්තරාජන්ගේ 17 වන සැමරුම අද !

Must read

රාජපක්ෂ රෙජිමය විසින් සිදුකළ ත්‍රිමලේ සිසුඝාතනය ගැන ඇත්ත විස්තරය ලොවටම හෙලිකල සුගිර්තරාජන් මාධ්‍යවේදියා 2006 ජනවාරි ජනවාරි 24වනදා කල්මුණේ   ඝාතනය කෙරුණි.

Trinco 5නමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වු තරුණ දරුවන් 5දෙනෙකුව මිට වසර 17කට ඉහතදි ත්‍රිකුණාමලයේදි හමුදාව විසින් ඝාතනය කරන ලදි.
ඒ 2006 ජනවාරි 2 වැනිදාය

චෝදනා ලැබ සිටි හමුදා නිලධාරින් නඩු වලින් පවා නිදහස් කර හමාරය.

මෙම තරුණයන් හමුදාවට එල්ල කිරිමට රැගෙන ආ අත්බෝම්බයක් පිපිර යාමෙන් මේ අය මිය ගිය බවට දකුණේ ජනමාධ්‍ය වලද සහයෙන් සමාජ ගත කර තිබුණිද මෙම අසත්‍යයට එරෙහිව ක්‍රියාත්මක වු නැගෙනහිර එක් මාධ්‍යවේදියෙකු  මෙම වෙඩි තබා කළ ඝාතනයක් බව ලොවටම හෙළවිය.

ඒ වෙඩි තැබිම නිසා මිය ගොස් සිටි මේ තරුණයන්ගේ සමිප ඡායාරුප ගනිමින් සුගිර්තරාජන් නම් වු නිර්භිත මාධ්‍යවේදියා ලෝකයෙන්ම වසන් කරන්නට රාජපක්ෂලා හැදු බොරුව සුනු විසුනු කර දැමිය.

මෙම හෙළිදරව්වෙන් සති 3 තුනකට පමණ පසුව ජනවාරි 24 වෙනිදා සුගිර්තරාජන්ව වෙඩි තබා ඝාතනය කර තිබුණි

මේසා දැවැන්ත කම්පනයක් උතුරේ සහ නැගෙනහිර ජනයා මත මුදා හැර තිබියදි අයගේ ප්‍රශ්ණ ගැන දකු⁣ණේදි මතක් වුනේ කියෙන් කි දෙනාටද.

විශේෂයෙන්ම දකුණේ වාමාංශික දේශපාලන පක්ෂ කණ්ඩායම් ඉතා පැහැදිලි ලෙස තක්කඩි ප්‍රතිපත්තියක් මේ සියළු කරුණු අරභයා ක්‍රියාත්මක කරමින් සිටිම සැබැවින්ම පිළිකුල් සහගතය.


සුගිර්තරාජන් 17  වන සමරුව නිමිති කොටගෙන සුගිර්තරාජන් ඇතුළු ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනාට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් විරෝධතා වැපිළිවෙලක ආරම්භය පෙබරවාරි 11 වනදා මඩකලපුවේදි සංවිධානය කර තිබේ.

උතුරු නැගෙනහිර සහ දකුණේ මාධ්‍ය ක්‍රියාකාරින්ගේ දායකත්වයෙන් මෙය පැවැත්වේ .

2022 වසරේ පැවැති සැමරුම

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article