Sunday, September 22, 2024

PET ස්කෑන් යන්ත්‍රය ජනවාරි 25 වනදා අපේක්ෂා රෝහලට

Must read

index

329780ca588d8c8da2bc230b867e3f02b80918ede46b420e42e460f0c11ecccd
එම්.එස්.එච්.මොහමඩ් මහතා

මහරගම පිළිකා රෝහලේ රෝගීන් මෙන්ම මෙරට ජනාතවද මහත් අපේක්ෂාවෙන් පසුවූ මහරගම අපේක්ෂා රෝහල වෙත පිරිනැමෙන PET ස්කෑන්ර් යන්ත්‍රය එළඹෙන 25 වනදා එම රෝහලට ලබා දීමට නියමිත බව කඩීජා පදනමේ සභාපති සහ Fight Cancer  හි නිර්මාතෘ එම්.එස්.එච්.මොහමඩ් මහතා ඊයේ සදහන් කලේය.

රුපියල් මිලියන 202ක පමණ වටිනාකමකින් යුතු මෙම යන්ත්‍රයට මසකට ස්කෑන් පරීක්ෂණ 100ක් පමණ සිදුකිරීමේ හැකියාවක් ඇත. මේ පිලිබදව අදහස් දක්වමින් මොහොමඩ් මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම යන්ත්‍රය රෝහලේ ස්ථාපිත කිරීම සදහා මාසයක පමණ කාලයක් ගතවන අතර ඒ හේතුවෙන් මෙම යන්ත්‍රයේ ප්‍රථිලාභ රෝගීන්ට ලැබෙන් ඇත්තේ එළඹෙන මාර්තු මාසයේ සිට බවයි.

මෙරට පවතින එකම පෙට් ස්කෑන් යන්ත්‍රය පිහිටා ඇත්තේ මෙරට පුද්ගලික රෝහලක වන අතර එහි එක් ස්කෑන් පරීක්ෂනයක් සදහා රු.150,000ක පමණ මුදලක් වැයවේ. මෙම යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කිරීමෙන් පසු මෙ ස්කෑන් පරීක්ෂණ නොමිලේම සිදුකිරීමට කටයුතු කරන බවත් එම පරීක්ෂණය සිදුකිරීමට ප්‍රථම එන්නත් කරනු ලබන එන්නත රු.30,000ක් පමණ වන අතර රජයේ ආධාර ඇතැව ඒවා ඉන්දියාවෙන් ආනයනය කිරීමටද කටයුතු කරන බව මොහොමඩ් මහතා සදහන් කරයි.

පරමාණුක බලශක්ති අධිකාරියේ නිර්දේශයන්ට අනුව මෙම යන්ත්‍රය ස්ථාපිත කෙරෙනුයේ රෝහලේ වෙනම ඉදිවන ගොඩනැගිල්ලක වන අතර මේ වන විට එම ගොඩනැගිලේ ඉදිකිරීම් 90%ක් පමණ අවසන් වී ඇත. ඒ අතරම මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිලිබදව පුහුණුවීමට හා අවශ්‍ය දැනුම ලබාගැනීම සදහා විකිරණ ශිල්පීන් 9 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජර්මනිය බලා පිටත් කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බවත් මොහොමඩ් මහතා සදහන් කරයි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශාල අඩුපාඩුවක්ව පැවැති මෙම පෙට් ස්කෑන් යන්ත්‍රය අපේක්ෂා රෝහලට හිමි වන්නේ මෙරට මිලිය 20ක ජනතාවගේ මූල්‍ය දායකත්වයෙන් මෙන්ම කඩිජා හා Fight Cancer හි සාමාජිකයන් 150 දෙනෙකුගේ පමණ කැපවීම නිසා බව මෙහිදී විශේෂයෙන් මතක් කර දිය යුතුයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article