Saturday, September 21, 2024

ප්‍රාදේශිය සභා මන්ත්‍රිලේ මහා පරිමාණ බූරු පොල වටලා මන්ත්‍රි ඇතුළු 8 ක් අත්අඩංගුවේ.

Must read

මැදගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසින් කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් අද උදෑසන 2.00 ට පමණ මැදගම පොලිසිය මගින් වටලා එහි සිටි මන්ත්‍රී ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මන්ත්‍රීවරයාට අයත් ගරාජයක මෙම සූදුපොළ පවත්වාගෙන ගොස් තිබේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් සූදු කෙලියට පැමිණ ඇති බව පොලීසිය පවසයි මෙම සූදු පොළට ඇතුළුවීම සදහා රුපියල් ලක්ෂයක් අත ඇති බව පෙන්විය යුතු අතර දිනකට ලක්ෂ 50-100 අතර ප්‍රමාණයක මුදල් මෙහිදි සංසරණය වන බව ආරංචි ලැබී ඇත. එම මුදලින් රු. 2-5අතර ප්‍රමාණයක් දිනකට සූදු පොලේ කොමිස් මුදල් ලෙස මෙම මන්ත්‍රීවරයා විසින් ලබාගන්නා බව ප්‍රකාශ වේ. සූදු කෙලීම සදහා පැමිණෙන අයට මත්පැන් හා ආහාර පාන ද නොමිලේ ලබා දීමද සිදු කර ඇතැයි වාර්තා වේ මෙසේ වලටන ලද අවස්ථාවේ සියළු දෙනා පැනගොස් ඇති අතර පොලිසිය විසින් ලුහුබැදගොස් 8 දෙනෙක් අල්ලා ගෙන ඇති අතර තිදෙනෙකු පැනගොස් තිබේ. ඔවුන් සන්තකයේ තිබූ රු. 40000.00 ක මුදලක් හා ඔවුන් පැමිණි කාර් රථයක් හා යතුරුපැදියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සියලු දෙනා අද උදෑසන බිබිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි ඉන්දික ගරුසිංහ 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article