Wednesday, November 6, 2024

මුදල් ඇමති බිරිඳත් සමගින් ණය ගන්න ඉන්දියාවට යයි ..

Must read

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ දෙදින නල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටවගොස් තිබේ.

මුදල් ඇමති සමග ඔහුගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආ⁣ටිගලද එක්ව ඇතැයි ලංකාටෲත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ අද (15) පස්වරු 02.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL195 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලෙන් බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය..

මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ මෙම ඉන්දීය සංචාරයේ අරමුණ වී ඇත්තේ ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමය.

මේ අතර මුදල් ඇමතිගේ ඉන්දිය සංචාරයට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන්ද සමගින්ද සාකච්ජා පවත්වා තිබුණ අතර ඔවුන් අද ජනපති ගෝඨාභය හමුවිමට නියමිතව තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article