පසුගියදා කොළඹ වරායට පැමිණි ලිට්රො සමාගමට ගෑස් තොගයක් ගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල “එතිල් මකැප්ටාන්” රසායනිකය නියමිත ප්රමිතියට නොමැති බව අනාවරණ වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ එම නෞකාවෙන් ගෙන ආ ගෑස් සාම්පල පරික්ෂා කිරීමෙන් අනතුරුවය.
ඒ අනුව මේ වන විට කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඇති එම නැවෙහි ඇති ගෑස් මෙරටට ගොඩ බාන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් අද (14) දිනයේදී ගැනීම ට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසා ඇත.මෙම නැවෙහි පවතින ගෑස්වල සංයුතිය සුළු හෝ ප්රමාණයක වෙනසක් පවතින්නේනම් කිසිසේත් අවසර ලබානොදෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.