Saturday, September 21, 2024

කිරි බිලත් හමාරයි ! පැකට්ටුවක් රු 140 කින් ඉහලට

Must read

ඊයේ කැබිනට් රැස්විම අවසන් විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු ඇමැතිවරු කිරිපිටි මිළ ඉහලයෑමට ඇති ඉඩ ගැන කථා නොකිරිමට පරිස්සම් වෙමින් පුන පුනා මාධ්‍ය වෙත කියා සිටියේ හිගයකින් තොරව කිරි පිටි බෙදා හැරිමට වැඩ පිළිවෙල් වල් සකසන බවය.
ඊයේ කසාය බිගත් ගොලුවන් සේ කිරිපිටි ගැන පිළිතුරු දුන් ඇමතිලා නොකි ඇත්ත අද කිරි පිටි ආනයනකරුවන් විසින් කෙලින් කියා තිබේ.
ඒ් අනුව ජනතාව විසින් බොහෝ විට භාවිතයට ගනු ලබන ග්‍රැම් 400යේ කිරි පිටි පැකට්ටුවක මිළ රු 140 කින් පමණ ඉහල යන ඔවුන් කියයි ,
පාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව  කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල ඉහළ දැමීමට මේ වන විට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පවසා තිබේ.

මේ හේතුවෙන් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1,300ක උපරිම මිලකට සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක උපරිමයකට අලෙවි කිරිමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මුදල් අමාත්‍යංශය විසින් යම් බදු පැනවීමක් සිදුකළ හොත් එම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ලක්ෂ්මන් වීරසුරිය මහතා  කියාසිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article