එකම පවුලේ සහෝදරියක හා සහෝදරයෙකු සිය නිවස තුල මියගොස් සිටියදී සොයාගැනීමේ සිදුවීමක් වාර්තා වෙයි.
මෙම අවාසනාවන්ත සිදුවිම වාර්තා වී ඇත්තේ පූගොඩ ප්‍රදේශයෙන් වන අතර මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වන සහෝදරිය හා ඇගේ වයස 38ක් වන සහෝදරයාය. මොවුන් රැකියාවෙන් ඇගලුම් කම්හල් සේවිකාවක් හා ත්‍රීවීල් රියදුරෙකු වශයෙන් කටයුතු කර ඇත.
සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වමින් මිය ගිය අයගේ ඥාතියෙකු පවසා ඇත්තේ මිය යාමට පෙර දින දෙදෙනාටම උදරය ආශ්රිත අපහසුතාමයක් පැවතීම නිසා වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබා ගත් බවත් පසු දිනයේදී තමන් විසින් දෙදෙනාට ඖෂධ ලබා දීමට යාමේදී දෙදෙනාම බිම වැතිර සිටිනු තමන් දුටු බවත්ය.
මෙම මෘත දේහයන් දෙක වතුපිටිවල රෝහලට ගෙන ගොස් සිදුකල පරීක්ෂණයකදී දෙදෙනාටම කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ බව හෙලිවී තිබේ.