Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිවසේ තිබූ රන් භාණ්ඩ විකුණා අන්තර්ජාල ක්‍රීඩා කල පාසල් සිසුවෙකු අත්අඩංගුවට

Must read

තම මවගේ හා මිත්තණියගේ ලක්ෂ 5ක් පමණ වටිනා රන් භාණ්ඩ විකුණා එම මුදලින් අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා කල වයස අවුරුදු 18 පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාරවිල – කටුනේරිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

මෙම සිසුවාගේ මව සහ පියා විදේශ රැකියාවල නිරත වන මෙම දරුවා හැඳී වැඩී ඇත්තේ සිය මිත්තණිය භාරයේ වන අතර එක්වර ම නිවසේ තිබූ යතුරුපැදියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය ඒ පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහි දී අනාවරණ වී ඇත්තේ සිසුවා විසින් යතුරුපැදිය අඩු මුදලකට අලෙවි කර ඇති බවයි. එහිදී සිදුකල වැඩිදුර විමර්ශණ වලදී හෙලිවී ඇත්තේ ඔහු විසින් තම මවගේ සහ මිත්තනියගේ රුපියල් ලක්ෂ පහකට වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ ද සොරාගෙන එමඟින් ලද මුදලින් අන්තර්ජාලයේ වීඩියෝ ක්‍රීඩාවල නිරත වී ඇති බවට යි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article