Friday, November 22, 2024

නිවෙස්වල ප්‍රතිකාර ලබාගන්නා කොවිඩ් රෝගීන් හිතුමතේ ඖෂධ ගන්න එපා !

Must read

නිවෙස්වල ප්‍රතිකාර ලබාගන්නා කොවිඩ් ආසාදිතයන්ට වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් ලබා නොදෙන ලෙස ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති පැවැසුවාය.

මහාචාර්යවරිය මේ බව සදහන් කර සිටියේ ඊයේ (25) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරිය සඳහන් කළේ දැනට කොවිඩ් මර්දනය සඳහා කිසිදු ඖෂධ වර්ගයක් නොමැති බවත් කොවිඩ් මර්දනය සඳහා ඇති විශේෂිතම ප්‍රතිකාරය වන්නේ එන්නත්කරණය බවය.

සිය නිවෙස් වල සිට ප්‍රතිකාර ලබාගන්නා කොවිඩ් ආසාදිතයන්ට උණ, ඇඟපත වේදනාව පවතී නම් දවසකට තුන් වතාවක්, පැය හයකට වරක් පැරසිටමෝල්ට් පෙති දෙකක් බැගින් ලබාගන්නා ලෙසත්, කුඩා දරුවන්ට බර අනුව පැරසිටමෝල්ට් මාත්‍රාව ලබාදෙන ලෙසත් සඳහන් ඇය සදහන් කළාය.

එමෙන්ම විශේෂයෙන් හෘද රෝගීන් ලබාගන්නා ‘ඇස්ප්‍රින්’ ඖෂධය කොවිඩ් ආසාදිත අය ලබාගන්නා විට වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු යයි විශේෂඥ වෛද්‍යවරිය එහිදී අවධාරණය කර සිටියාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article