ගර්භණී කාන්තාවන් වෙනුවෙන් “සයිනොෆාම්” එන්නත ලබා දීම අද(09) උදෑසන ආරම්භ කෙරිණි.ඒ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීය.
ඒ අනුව වයස අවුරුදු 35 ඉක්මවූ විවිධ සංකූලතා සහිත ගැබිනි කාන්තාවන් 35දෙනෙකු සඳහා එන්නත ලබාදීම සිදුවිය.
මෙම එන්නත්කරණ වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම අවස්ථාවට එක්වෙමින් පැවසීය.
කොවිඩ් වැලඳීම හේතුවෙන් ගැබිනි කාන්තාවන් 8 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඒ අනුව නිර්ණායක කිහිපයක් යටතේ එන්නත් ලබාදීම සිදුකිරීමට නියමිතය.