ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩුපීඩන තත්වය හේතුවෙන් අද (14) දිනයේත් තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම සබරගමුව, දකුණු, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්රදෙශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකිබව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, දකුණු, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි වැසි ඇති වන බවද එම ප්‍රකාශකයා කීවේය.
එමෙන්ම දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි අතර උතුරුමැද සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර 60 ක පමණ වේගවත් සුළං ඇතිවිය හැක.