Friday, November 22, 2024

FB එක නිසා ව්‍යාපාරිකයෙකුව එරාවුර් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි

Must read

කනපතිපිල්ලේ  මොහාන් නමැති දෙමළ ජාතික ව්‍යාපාරිකයෙකුව පසුගිය (2) දා  රාත්‍රියේදී එරාවුර්  පොලීසිය  විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන අතර තවදුරටත් එරාවූර් පොලිසියේ රඳවාගෙන සිට ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසයි.

මුහුණුපොත හරහා එල්ටීටීඊය  පුනර්ජීවනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

කනපතිපිල්ලේ මොහාන් නමැත්තා සමාජ හා දේශපාලන ක්‍රියාධරයෙකු වන අතර ඔහු විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු ජන පෙරමුණ වෙනුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ තරඟ කළ අපේක්ෂකයින්ට එරෙහිව   මැතිවරණ ප්‍රචාරය කළ බවද පැවසේ.

එමෙන්ම පොහොට්ටුවට ඡන්දය නොදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා ඇති බව ද  කියැවේ. එමෙන්ම පසුගිය කාලය පුරා මඩකලපුව දිස්ත්‍රික්කය පුරා සිදුවූ නීති විරෝධී වැලි කැණීම් වලටද එරෙහිව ද  කනපතිපිල්ලේ  ක්‍රියාකර ඇත.


රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article