Friday, September 20, 2024

පිඩනයට එරෙහිව ගොඩනැගුන දමිළ මුස්ලිම් ඒකාබද්ධ විරෝධතාවයේ අද අවසන් දිනයයි !

Must read

නිදහස් දින සමරුමට සමගාමිව දමිල හා මුස්ලිම් ජනයා මෙන්ම වතුකරයේ ජනතාවද මුහුණ දි ඇති ප්‍රධාන ප්‍රශ්ණ  ගණනාවක්ද මුල්කොට  දින 5 ක් පුරා ක්‍රියාත්මක වු දැවැන්ත විරෝධතාවයේ අවසන් දිනය අදයි.

ඇද හැලුන මහවැසිද නොතකමින් පොතුවිල් නගරයෙන් ආරම්භ මෙම විරෝධතා ගමන දින 5 ක් පුරා  දහස් ගණන් වු දමිළ මුස්ලිම් ජනයා වඩාත් උද්යෝගයෙන් සමබන්ධවු අතර අද සවස්වරුවේ කන්කසන්තුරේ පොල්කණ්ඩි වලින් අවසන් විමට නියමිතය.

සුළුතර ජනයාගේ  ඉඩම් අත්පත් කර ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන් වීම, මුස්ලිම් සිරුරු ආදාහනය කිරීම සහ උඩරට ජනතාවට රුපියල් දහස් ගණනක වැටුප් ඇතුළු විවිධ ප්‍රශ්ණ ගණනාවක් මුලික කොට ගෙන මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබේ.

ඉතිහාසයේ පළමු වතාවට දෙමළ බස කථාකරන පිඩාවට පත් ජනයා සිය පිඩනයට එරෙහිව එක්ව සටන් කරන බව  මුළු ලෝකයටම පවසා තිබේ. සටකපට දේශපාලකයන්ගේ සකලාකාර න්‍යාය පත්‍රවලට සැබැවින්ම මෙය මරුපහරකි.
සිවිල් සංවිධාන,පැවිදි කොටස් , දේශපාලකයන්, සමාන්‍ය ජනයා මහත් උද්යෝගයකින් යුතුව මේ දින 5 පුරාවමට මෙම ථෙතිහාසික විරෝධතාවයේ හවුල්කරුවන් වි සිටිති.

Pics -MANNAR S.R.LAMBART)

 

පීඩනයට එරෙහිව දමිළ මුස්ලිම් විරෝධය https://vimeo.com/509167498

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article