Friday, September 20, 2024

සැමියාගේ තාඩන පීඩන නිසා පාරට වැටුණ කාන්තාවකට හලාවත පොලීස් නිලධාරීන් පිහිට වෙයි

Must read

තම සැමියාගේ තාඩන පීඩන ඉවසා ගත නොහැකි කාන්තාවක් දරුවන් දෙදෙනෙකුද සමග මහ මග සිටියදී ඔවුන්ට සහනයක් ලබා දීමට හලාවත පොලීසියේ නිලධාරීන් කටයුතු කරන ලදි.

පසුගිය 13 වැනිදා සවස හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී මෙම සිද්ධිය දක්නට ලැබුණි.

නිවසක තිබිය යුතු බඩු මූට්ටු තොගයක් සමග මෙම කාන්තාව අත දරුවන් දෙදෙනෙකුද සමග මහ මග සිටිනවා දැක  ඇති ප්‍රදේශවාසීන් විසින් මේ බව හලාවත පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.

මතුගම ප්‍රදේශයේ උපන් තමන් හලාවත පදිංචි පුද්ගලයෙකු සමග විවාහ වී පැමිණීමෙන් අනතුරුව මව්පියන් සහ සහෝදරයින් තමන්ව අතහැර දැමූ බවද ඇය කියා සිටින්නීය.තමන්ට දරුවන් සිව් දෙනෙකු සිටින බවත් ඒ අතරින් දෙදෙනෙකු මේ වන විට ළමා නිවාසයක රැකවනරණය ලබන බවද ඇය පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියාය.

නිරන්තර මත්පැන් පානය කර පැමිනෙන සැමියා තමන්ට පහර දෙන බවත්, සැමියාගේ මව සහ සහෝදරියද ඔහුට අනුබල දෙන බවද ඇය සදහන් කරන්නීය.දිනපතා සිදුවන තාඩන පීඩන ඉවසා ගත නොහැකිව දරුවන්ද සමග තමන් වෙනත් නිවසක පදිංචියට ගොස් සිටියත් එම ස්ථානයටද පැමිනෙන සැමියා කරදර කරන බවද ඇය කියා සිටී.

මෙම තත්ත්වය නිසා තමන් සතු සියළුම දේ කුඩා ප්‍රමාණයේ ලොරියක දමා ගෙන විත් අතහැර දමා ඇති මස් කඩයේ තැබූ බවද ඇය කියා සිටියාය.

සිදුවී ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කිරීම සදහා දරු දෙදෙනාද සමග මහ මග රැදී සිටි එම කාන්තාව පොලීසියට රැගෙන යාමට හලාවත පොලීසියේ නිලධාරීන් අවසානයේ කටයුතු කරන ලදි.

 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article