Saturday, September 21, 2024

අසීමාන්තික වැලි ප්‍රවාහනයට ඒරෙහිව ඕමදියාමඩු ජනතාව පාරට බසියි

Must read

දිවා රෑ නොබලා සිදුකරන වැලි ප්‍රවාහනය හේතුවෙන් සිය මගීන් ගමන් ගන්නා මාර්ගය නිරන්තරයෙන් අබලන්වීම හේතුවෙන් පසුගිය සිකුරාදා මඩකලපුවේ , ඔමඩියාමඩු හි රිටිතැන්න ප්‍රදේශයේ ගම්වාසීන් විසින් විරෝධතාවක නිරත වුහ. මෙම මාර්ගය පසුගිය කාලයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුග්‍රහයෙන් ලක්ෂ 10 සංවර්ධන ව්‍යාපෘතියක් විසින් ප්‍රතිසංස්කරණය කළ බවත් අවස්ථා කීපයකදීම නැවත නැවත මාර්ගය සකස් කළ බවත් ජනතාව පවසති. ඊට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් දක්වන්නේ රජයට අයත් ඉඩමකින් වැලි ප්‍රවාහනය කරන අධි බරැති ටිපර් රථ මාර්ගයේ ගමන් කිරීමයි.
එසේම, කොරෝනා ආසාදනය හේතුවෙන් වලෙයිචනායි පොලිසිය සහ හමුදාව විරෝධතාකරුවන්ට ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස නියෝග කළේය.

ඔමදියාමදු සුදුගල විහාරස්ථානයේ කඩවත සුබෝධාලංකාර භික්ෂුව විසින් මෙම විරෝධතාකරුවන්ට බාධා කරමින් වැලි ප්‍රවාහනය කරන පුද්ගලයන්ට ඒරෙහිව විරෝධතා නොදක්වන ලෙස පවසන ලදි. භික්ෂුව විසින් විරෝධතාකරුවන්ට පවසා ඇත්තේ ටිපර් රථකරුවන් වැරදිකරුවන් නොවන අතර ඔවුන් නිවරදිකරුවන් බවයි.

වැලි ප්‍රවාහනය සහ මාර්ගය අබලන්වීම සම්බන්ධයෙන් ජනතාව විසින් වාලච්චේනෙයි පොලීසියට පැමිණිල්ලක් ජනවාරි 03 වනදා සිදුකර ඇත.  

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article