Saturday, September 21, 2024

උතුරු මුහුදේ ඉන්දියානු ධීවර යාත්‍රා ඉවත්කරන ලෙස බලකරමින් ධීවරයින් උද්ඝෝෂණයේ

Must read

මේ වනවිට මුලතිව් මුහුදේ ධිවර කටයුතු වල යෙදෙන ඉන්දයානු යාත්‍රා සම්බන්ධයෙන් රජය හෝ නාවුක හමුදා කිසිදු පියවරක් නොගැනීම ගැන මුලතිව් හි ධීවරයින් විරෝධය පළ කර සිටිති.  මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස කීපවාරයක්ම රජයට සහ නාවුක හමුදාවට බලකර සිටියත් ඉන් කිසිදු පළක් නොවුන අතර අද මුලතිව් හිදී ධීවර සංගම් විසින් විරෝධතා ව්‍යාපාරයක නිරත විය. ඔවුන්ට සහය දැක්වීමට පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන්, ධීවර සංවිධාන ,ප්‍රාෙද්ශීය දේශපාලනඥයින් සහ ධීවරයින් මෙම විරෝධතාවයට සහභාගී විය.

මෙම ඉන්දීය ධීවර යාත්‍රා හේතුවෙන් විශේෂයෙන් ධීවර කර්මාන්තයේ යෙදන මුලතිව් හි ධීවර පවුල් ගණනාවක් මහත් අපහසුතාවයකට පත්ව ඇත.

ෂන්මුගම් තවසීලන්

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article