Saturday, November 23, 2024

විමර්ශන වාර්තා නොමැති කමින් පිල්ලෙයාන්ට එරෙහි නඩුව කල්තැබෙයි

Must read

හිටපු ටී.එන්.ඒ. (දෙමළ ජාතික සන්ධානය ) පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ නඩුවේ  ප්‍රධාන සැකකරුවෙකු ලෙස බන්ධනාගාරගතව සිටි දෙමළ මහජන විමුක්ති කොටි නායක (TMVP) නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා පසුගිය නොවැම්බර් 24 වනදා ඇප මත නිදහස් කරන ලදී. එම නඩුවේ නඩුවාරයක් ඊයේ (08 ) වනදා මඩකලපුවේ මහාධිකරණයේදී පැවැත්විණි.  එහිදී නඩුවිභාගය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය විමර්ශන වාර්තා ඉදිරිපත්කර නොතිබීම හේතුවෙන් මෙම නඩුව නැවත ජනවාරි 11 දක්වා කල්තබන ලදී.

හිටපු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංගම් මහතාගේ ඝාතනය  සම්බන්ධයෙන් 2015 දී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නා ලදී.

 

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article