Friday, September 20, 2024

ප්‍රංශය හා ජර්මනිය දෙවන වරටත් Lockdown

Must read

ශීත කාලය ඇරඹීමට පෙර දැවැන්ත කොරෝනා රැල්ලක් යුරෝපය වෙලාගනු ඇතැයි, මත පළවෙමින් පවතින පසුබිමක් තුල  ප්‍රංශය සහ ජර්මනිය යළිත් වරක් රට වසා දැමීමට තීරණය කර ඇත.

රූපවාහනිය මගින් සිය රටවැසියන් ඇමතූ ප්‍රංශ ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ අපේක්ෂා කළාටත් වඩා වැඩි වේගයකින් වෛරසය පැතිරෙමින් පවතින බවත් කොරෝනා දෙවන රැල්ල ප්‍රථම රැල්ලට ද වඩා මාරාන්තික වනු ඇති බවත්ය. ඒ අනුව නව නව කොරොනා රෙගුලාසි ප්‍රංශය තුල එළඹෙන මස අගභාගය දක්වාම ක්‍රියාත්මක වනු ඇති අතර නිවැසියන්ට තම නිවසින් පිටතය යා හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම , ව්‍යායාමවල නිරතවීම හෝ වෛද්‍ය උපදෙස් පැතීම සඳහා පමණි.

පාසල් තවදුරටත් විවෘතව තැබෙන අතර සිය සේවා යෝජකයා සේවයට පැමිණීම අනිවාර්ය කළ හොත් පමණක් සේවකයන්ට රැකියාව සඳහා නිවසින් බැහැර විය හැකියි.

ජර්මනිය ද ලබන මස 2 සිට 30 වනදා දක්වා එරට තැබෑරුම් , අවන්හල් සහ සිනමාහල් වසා තැබීමට තීරණය කර තිබේ.සිය රටේ සෞඛ්‍ය ක්‍රමවේදයට තවමත් මෙම වසංගතයට මුහුණදිය හැකිවුවත් , සති කිහිපයක් තුළ ඊට දරාගත නොහැකි මට්ටමක් දක්වා තත්ත්වය දරුණු වනු ඇතැයි ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් සඳහන් කළාය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article