Friday, September 20, 2024

පෞද්ගලික රසායනාගාරයක කාර්‍ය මණ්ඩලයට කොවිඩ් !- යට ගැසීමේ සූදානමක්!!

Must read

මහා පරිමාණයෙන් PCR පරීක්ෂණ සිදු කරන කොළඹ පෞද්ගලික රසායනාගාරයක PCR නිදර්ශක පිළිබදව කටයුතු කල රසායනගාර කාර්‍ය මණ්ඩලයට සිදු වී ඇති කොවිඩ් ආසාදනය යට ගැසීමේ සූදානමක් පවතින බව

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

PCR පරික්ෂණ මගින් මුදල් හම්බකරන පුද්ගලික රෝහල් වල තත්වය ගැන අනාවරණය කරමින් ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවක එබව සඳහන් වේ.

PCR පරික්ෂණ මගින් මුදල් හම්බකරන පුද්ගලික රොහල් වල තත්වය

 

Doc 2 l

දැනට හමුවී ඇති කෝවිඩ් 19 ආසාදනය වූ රෝගීන්ගෙන් 80%ක රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති නිසා, ඔබට සමාජයේ හමුවන ඕනෑම කෙනෙක් කෝවිඩ් 19 ආසාදිත රෝගියෙක් විය හැකියි බවට උපකල්පනය කර කටයුතු කරන ලෙස ද රවී කුමුදේශ්  ඉල්ලා සිටියි.

මේ වන විට රටතුල කොවිඩ් සමාජ පැතිරීමක් නොවේ යැයි සනාථ කිරීමට හමුවන සියලුම රෝගීන් විවිධ පොකුරුවලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරීමක් පෙනෙන්නට තිබෙන නමුත්, ඒය තහවුරැ කිරීමට අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්පූර්ණ වී නොමැති බවත් ඔහු පවසයි.

පරීක්ෂන වල ප්‍රමිතිය ???
මෙම වසංගතය ලංකාව තුළ සම්පුර්ණයෙන් පාලනය කර තිබේ යැයි යන උපකල්පනයෙන් බලධාරීන් කටයුතු කළ නිසා බොහෝ දේවල් දැනටමත් මග හැරී ඇති බවත්,  විශේෂයෙන් PCR පරීක්ෂණ පුද්ගලික අංශයට කිසිදු අධීක්ෂණයකින් තොරව ලබා දීම නිසා ගැටලු රාශියක් පැණනැගී ඇති බවත් ඔහු පවසයි.

ව්‍යාපාරික අරමුණෙන් මෙම කටයුතුත් සිදු වීම නිසා මෙම පරීක්ෂන වල ප්‍රමිතිය, වෘත්තීය මට්ටම හා නිරවද්‍යතාවය පිළිබදව ගැටලු ඇති බවත්, සොඛ්‍ය අමාත්‍යංශය විසින් PCR පරීක්ෂණ සිදු කරන සියලුම පුද්ගලික අංශයේ රසායානාගාර සම්බන්ධව නිරන්තර අධීක්ෂණයක් සිදු කළ යුතු බවත් පවසයි.

face mask production 750x354           වෙළද පොලේ තිබෙන මුඛ ආවරණ බොහොමයක නිසි ප්‍රමිතියක් නොමැත

මෙම රෝගයෙන් ආරක්ෂා වීම සදහා මුඛ ආවරණ පැලදීම අනිවාර්ය වන නමුත් දැනට වෙළද පොලේ තිබෙන මුඛ ආවරණ බොහොමයක නිසි ප්‍රමිතියක් නොමැති බවත්, ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම මුඛ ආවරණ පිළිබදව ප්‍රමිතිය පිළිබදව සොයා බැලිය යුතු බවත් ඔහු පවසයි.

ඒමෙන්ම අඩු ආදායම් ලාභීන්ට ප්‍රමිතිගත මුඛ ආවරණ මිලදී ගැනීමේ හැකියාවක් නොමැති නිසා රජය මැදිහත් වී ඔවුන්ට ප්‍රමිතියෙන් යුත් මුඛ ආවරණ ලබා දිය යුතු බවත් පවසයි.

” අඩු ආදායම් ලාභීන්ට ප්‍රමිතිගත මුඛ ආවරණ මිලදී ගැනීමේ හැකියාවක් නොමැති නිසා රජය මැදිහත් වී ඔවුන්ට ප්‍රමිතියෙන් යුත් මුඛ ආවරණ ලබා දිය යුතු බව පවසයි.”

PCR පරීක්ෂණ කිරීමේ හැකියාව දහදහස දක්වා වැඩිකරගෙන ඇති බව ප්‍රකාශ වුවත්, ඒ සඳහා රාජ්‍ය අංශයේ හැකියාව ඇත්තේ 5500ක් බවත්, ප්‍රථික්‍රීයක කට්ටල ලබා නොදීම නිසා තවමත් රජයේ විවිධ ස්ථානවල PCR යන්ත්‍ර 36ක් භාවිතයට නොගෙන තිබෙන බවත්, ඒවත් මේ සදහා හැකි ඉක්මනින් ප්‍රයෝජනයට ගත යුතු බවත් ඔහු පවසයි.

ඒමෙන්ම, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් 120ක් බදවා ගැනීමට නියමිතව ඇති නමුත් ඒම ලිපි ගොනු දැනට කාලයක සිට රසායනාගාර සේවා නියෝජය අධ්‍යක්ෂක වරයාගේ කාර්යාලයේ ගොඩ ගැසී ඇති බවත්, වහාම මැදිහත් වී ඔවුන් බදවාගෙන රජයේ මෙම ක්‍රියාවලිය සක්‍රීය ලෙස සම්බන්ධ කර ගත හැකි බවත් රවී කුමුදේශ වැඩිදුරටත් කියා සිටියි.

(aithiya.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article