Friday, September 20, 2024

කුලියපිටියේදී දේවමෙහෙයකට සහභාගී වූ 14 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි

Must read

කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵලවලට අනුව ඊට සහභාගී වූ තවත් 14 කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

මෙම දේවමෙහෙය පවත්වා ඇත්තේ කුලියපිටිය ප්‍රදේශයට සංචරන සීමා පනවා තිබෙන පසුබිමක් තුල බව වාර්තා වන අතර ඒ අනුව මේ වන විට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයේ මුලු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article