Friday, September 20, 2024

මන්නාරමේ ගම් දෙකක් හුදෙකලා කෙරේ

Must read

පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි නම් මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

අදාළ ඉදිකිරීම් වැඩබිමේ සිටි පුද්ගලයෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේදී ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බට අනාවරණය විය.ඒ අනුව එම වැඩබිමේ සිටි අනෙක් සේවකයින්ද පී.සී.ආර් පරීක්ෂණයට ලක්කර ඇති අතර එහිදී තවත් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article