Friday, September 20, 2024

අම්පාරේ විශේෂ රථවාහන පරීක්ෂාවක්

Must read

අම්පාර කලාපය තුළ  දිස්ත්‍රික් විශේෂ රථවාහන පොලිසිය විසින්  විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම වැටලීම බ්‍රහස්පතින්දා (24) උදේ සිට දහවල් දක්වා සමන්තුරෙයි හා කල්මුනායි නගරයේ, නර්පිටිමුනායි ප්‍රධාන මංසන්ධිය, තලාවත්තුවන් හන්දිය, පන්දිරුප්පු සහ සවලකඩෙයි ප්‍රෙද්ශවල සිදුකරන ලදී.
වැටලීම අතරතුර, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, හිස්වැස්මක් පැළඳ නොසිටීම, පුද්ගලයන් දෙදෙනෙකුට වඩා යතුරුපැදියක් පැදීම, වේගය අධීක්ෂණය කිරීම, යන වැරදි නිරීක්ෂණය කළ අතර දඩ මුදල් ගෙවීම සහ මාර්ග නියාමනය පිළිබඳ උපදෙස් පොලිසිය විසින් ලබාදෙන ලදී.

අම්පාරා දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ අම්පාරා දිස්ත්‍රික් විශේෂ රථවාහන පොලිසියේ මඟ පෙන්වීම යටතේ කල්මුනයි සමන්තුරෙයි  පොලිස් ස්ථානයේ රථවාහන පොලිසිය විසින් ප්‍රධාන මංසන්ධිවල සහ ප්‍රධාන මාර්ගවල වැටලීම් සිදු කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article