Saturday, November 23, 2024

වාකරේ ගොවියෙකුට අකුණකින් ගවයින් 27 දෙනෙකු අහිමිවෙයි

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ  වාකරේ  ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ මාවඩිඔඩෙයි  ගම්මානයේ හදිසියේ ඇති වූ අකුණු සැර වැදීමෙන් ගොවියෙකුගේ ගවයින් 27 දෙනෙකු මියගොස් තිබේ. මෙම අකුණු සැර වැදීම සිදුවී ඇත්තේ අගෝස්තු 31 වනදායි. එදින ඇතිවූ ගිගුරුම් සහිත වැසි හේතුවෙන් අකුණු සැර වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මියගොස් ඇති බවත් ඒ හේතුවෙන්  එක රැයකින් රුපියල් ලක්ෂ 20 ක් පමණ අහිමි වී ඇති බවත් ගොවියෙකු වන  තම්පි අයියා රන්ජන්  මහතා පවසයි.

‘මෙම සිදුවීමෙන් අපට ජීවනෝපායන් අහිමි වෙලා තියෙනවා. එයින් ලැබෙන ආදායම සමඟ අපි අපේ දරුවන්ගේ අධ්‍යාපනය සමඟ අපේ ජීවිතය ඉදිරියට ආවා. සිදුවූ  මෙම අලාභය හේතුවෙන් මේ වන විට අපට මුළු ආදායමම අහිමි වෙනවා ‘ ගොවියාගේ බිරිඳ පැවසුවාය.

මෙම සිදුවීම පවුල ඔවුන් මහත් ශෝකයකට ඇද දමා ඇත. මියගිය ගවයින්ව බැකෝ යන්ත්‍රයක් මගින් වළලනු ලැබීය.

 

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article