Friday, September 20, 2024

15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය කිරීම සම්බන්දයෙන් මව,මිත්තණිය හා මාමා අත්අඩංගුව

Must read

15 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන සිදුකිරීම හා ඪට අනුබල දීම සම්බන්දයෙන් කාන්තාවන් දෙදෙනෙකු හා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කටයුතු කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි දැරියගේ මව,මිත්තණිය හා ඇගේ මාමා කෙනෙකුවය. දැරියගේ මව හා පියා වෙන්ව ජීවත්ව සිට ඇති අතර අදාළ දැරිය හා ඇගේ බාල සොහොයුරියන් දෙදෙනා මිත්තණියගේ ආරක්ෂාව යටතේ සිට ඇත.

42 හැවිරිදි දැරියගේ මාමා විසින් ඇයව ලිංගික අපයෝජනය කරන බවට මව හා මිත්තණිය දැනුවත්ව සිටියත් ඒ සම්බන්දයෙන් ක්‍රියාත්මක නොවීම හේතු දැරිය විසින්ම මේ සම්බ්න්දයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසිය කටයුතු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article