Tuesday, September 15, 2026
spot_img

ප්‍රකාශයක් ලබාගැනීමට පාස්කු කොමිසමේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසට

Must read

ඡායාරූපය – අදදෙර

පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතාගේ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවසට පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරයාට පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි පසුගිය 21 වැනිදා දැනුම් දී තිබුණත් තමන්ට පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article