Friday, September 20, 2024

සෑම සදුදා දිනයක්ම “කර්මාන්ත දිනයක්’ ලෙස නම් වෙයි

Must read

සතියේ සෑම සඳුදා දිනක්ම ‘කර්මාන්ත දිනයක්’ ලෙස නම් කර, එය කර්මාන්තකරුවන් සඳහා වෙන්කර කර්මාන්තකරුවන්ට අමාත්‍යවරයා සෘජුවම හමු වීමේ අවස්ථාව සලසා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට මගපෙන්වීමේ සහ කර්මාන්ත නගා සිටුවීමේ අරමුණෙන් ඊයේ(24) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති ජනතා හමුවකදීය.

සුළු හා මධ්‍ය පරිමාණ දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් රැසක් තමන් මුහුණ පා ඇති දුෂ්කරතා මෙන්ම තම කර්මාන්ත සංවර්ධනය පිණිස ලැබිය යුතු සහයෝගය ආදී කරුණු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත ඉදිරිපත් කළ අතර එහිදී නව නිෂ්පාදන යෝජනා වෙතද අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article