Friday, September 20, 2024

කොවිඩ් ආසාදිත මව බිහිකල දරුවාට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි.

Must read

පසුගිය 31වන සිකුරාදා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී කොවිඩ් ආසාදිත මවක් විසින් බිහිකළ දරුවාට වෛරසය ආසාදනය වී නැති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.

ඩුබායිහි සිට පසුගිය 10 වැනි දා මෙරටට පැමිණි මෙම ගර්භනී මව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී කළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට පසුගිය 21 වැනි දා තහවුරු වී තිබේ.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී සිදුකල මෙම සැත්කම සිදුකිරීමේදී මවගේ විෂබීජ පරිසරයට මුසුවීම වැළැක්වීම එහිදී වෛද්‍යවරුන් මුහුණදුන් ප්‍රධාන අභියෝගයක්විය. ඒ හේතුවෙන් මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයකි.

ප්‍රසූතියෙන් පසු දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවූ අතර දරුවාගේ ජෛව සාම්පල පරීක්ෂණයේදී දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article