ප්රවීණ චිත්රපට අධ්යක්ෂක චන්ද්රරත්න මාපිටිගම මහතාගේ දියණිය, වීනාවී මාපිටිගම ඊයේ (14) වැල්ලවත්ත, හැව්ලොක් පාරේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් 41 වියැති මාපිටිගම මහතාගේ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්ථා වෙයි.
වීනාවී මාපිටිගම හා ඇගේ සැමියා වැගන් ආර් වර්ගයේ මෝටර් රථයේ ගමන්ගෙන ඇති අතර දෙදෙනාම කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. සිදුවූ බරපතල තුවාල හේතුවෙන් වීනාවී මාපිටිගම මහත්මිය කළුබෝවිල රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
(ඡායාරූප – ඩේලි මිරර්)