Monday, May 13, 2024

අවසන් වසර විභාගයන් සදහා විශ්වවිද්‍යාල 22වනදි සිට විවෘතයි

Must read

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වල හතරවෙනි වසරේ අවසන් විභාග මේ මස 22 වනදා සිට ඇරඹෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා පවසයි. ඒ මහතා ඒ බව සදහන් කර සිටියේ ඊයේ (13) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය කෝවිඩ් 19 වසංගතයෙන් පසු යළි ආරම්භ කිරීම පිළිබද කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවේදීය.

එමෙන්ම හෙට (15) දිනයේ සිට මින් පෙර දැනුම්දුන් ආකාරයට වෛද්‍ය පීඨ වල අවසන් වසර විභාග ආරම්භ වන බවත් ඒ හේතුවෙන් මේ වන විට සිසුන් නේවාසිකාගාර වෙත පැමිණෙමින් සිටින බවත් අමරතුංග මහතා පවසයි.

විශේෂයෙන් සියලුම සෞඛ්‍ය ආර්ෂිත ක්‍රම අනුගමනය කරමින් වෙද්‍ය පීඨ ඇතුලු සියළු විශ්ව විද්‍යාල වල අවසන් වසර විභාග පැවැත්වීමට මේ වන විට තීරණය වී ඇති අතර හතරවෙනි වසරේ විභාග පැවැත්වීමේදී නේවාසිකාගාරයක ඒක කාමරයක ඒක දරුවෙක් බැගින් සිටින ආකාරයට පහසුකම් සැලසීමට ඒකගද විශ්වවිද්‍යාල පාලනඅධිකාරිය එකග වී ඇත.

එලෙසම සියලුම වෛද්‍ය පීඨ තමන්ගේ අවසන් වසරේ වෛද්‍ය උපාධි පරීක්ෂණ 2020/06/15 වන දින සිට ඇරඹෙනු ඇත. අනෙතුක් පීඨයන්හි ශිෂ්‍ය කණ්ඩායම් වල ජ්‍යේෂ්ඨත්වයට ප්‍රමුඛත්වය දෙමින් 2020/06/22 වන දින සිට විභාග ආරම්භ වෙයි. ආසන පැනවීම, ලිඛිත විභාග පැවැත්වීම සහ ප්‍රායෝගික පර්යේෂණ පැවැත්වෙන අවස්ථාවන් හිදී සහභාගී කරගන්නා සිසුන් සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලවයි. ඒම කාලසීමාව තුළ සිසුන් විශ්ව විද්‍යාල කරා පැමිණීමේදී හැකිතාක් දුරට තම නිවාස වල සිට පැමිණීම පිළිබදව සිසුන් දැනුවත් කිරීමට විශ්ව විද්‍යාල වල උපකුළපතිවරුන් ට උපදෙස් ලබාදී තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මේ වසරේ නේවාසිකාගාර පහසුකම් සැලසීමේදී ඒක් සිසුවෙකුට ඒක් කාමරයක් බැගින් හිමි වෙනවා.

නැවත දැනුම් දෙන තුරු සියලුම සිසුන් රාත්‍රී 7න් පසු විහ්ව විද්‍යාල පරිශ්‍රයේ සැරිසැරීමට හැකියාවක් නැහැ. ඔවුන් අදාල නේවාසිකාගාර වෙත යා යුතුයි. පශ්චාත් උපාධි පර්යේෂණ සිසුන් සෞඛ්‍ය මාර්ගෝපදේශන අනූව තම අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා හැකියි. නැවත දැනුම්දෙන තුරු විශ්ව විද්‍යාලය තුළ හෝ පිට කවර ආකාරයේ හෝ ඒක් රැස්වීම් පැවැත්වීමට නොහැකියි. නැවත දැනුම් දෙන තුරු කිසිදු ආකාරයේ විනෝදාත්මක හෝ ක්‍රීඩා කටයුතු සදහාද අවසර දෙනු නොලැබේ. ඒමෙන්ම සියලුම පරිපාලන නිලධාරීන් ලබන සදුදා සිට තම සේවා ස්ථානයට වාර්තා කල යුතුයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article