Friday, November 22, 2024

වසර 15 ක් නොකඩවා පැවැත්වු ලංකා පටුනේ ආදිවාසි ජනයාගේ කතරගම පාද වන්දනාව මෙවර අතර මග නවති ……

Must read

වසර 15 පුරාවට ත්‍රිකුණාමලයේ ලංකාපටුනේ වෙසෙන ආදි වාසි ජනයාගේ කතරගම ගම වන්දනාව මෙවර අතර මග නතර කර දැමිමට ඔවුන් සිදුව තිබේ.
ඒ කොවිඩ් වෛරස් තත්වය නිසා බව ආරක්ෂක අංශ විසින් ඔවුන්ට අවසර ලබා දි නොතිබිම හේතුවෙනි.
මැයි 21 වනදා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ  ලංකා පටුන නෙන්  ආරම්භ වූ කතරගම වෙත පාද  වන්දනා ගමන  දින 11 කට පසුව  වලයිචෙනෙයි කයිලායි පිල්ලෙයි කෝවිලට පැමිණියහ.

ත්‍රිකුණාමලයේ ලංකා පටුනේ  මුරුගන් කෝවිල් හි බැතිමතුන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම පාද වන්දනා ගමනට එක්ව සිටිති.
පසුගිය වසර 15 ක කාලය තුළ වන්දනා චාරිකාව සිදු වෙමින් පවතින බවත්, ඔවුන්ගේ ගෙවිය යුතු ණය වෙනුවෙන් කතරගම දෙවියන් වෙත  මෙම ඉල්ලීම කරන බවත් සමූහය භාරව සිටින තා දුරිචමි දිවිට මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
සුප්‍රකට කතරගම දේවාලයේ මංගල්‍යය ලබන ජුලි 20 වෙනිදා ආරම්භවිමට නියමිත අතර එය අගෝස්තු 4 වෙනිදා දක්වා පැවැත්වේ.
වසර 15 ක් තිස්සේ තම ජනයා විසින් කරගෙන ආ මේ පාද වන්දනා ගමන අතර මග බාධා පැමිණවිම ගැන ඒ සැමට තිබුනේ දැඩි කලකිරිමකි.
කෙසේ වෙතත් කතරගම දෙවියන් හමුවේ වාර්ෂිකව ඔප්පු කෙරෙන තමන්ගේ භාරය මෙවර ඔප්පු කිරිමට පසුබිමක් නොතිබිම හේතුවෙන් දැඩි කලකිරිමකට පත්ව සිටින මේ වන්දනා පිරිස මඩකලපුවේ දන්ත මුරුගන් කෝවිලට යාමට තිරණය කර තිබේ.
ඡායා සහ සටහන – රුද්‍රන්
පාසිකුඩා
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article