Saturday, September 21, 2024

ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයේ රාජකාරී කල පොලිස් නිලධාරීන්ටත් PCR පරීක්ෂණය සිදුකර නැහැ

Must read

කොවිඩ් 19 රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වූ ජාඇල-සුදුවැල්ල ප්‍රදේශයේ රාජකාරී සිදුකල පොලිස් බුද්ධි අංශයේ හා ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට PCR පරීක්ෂණය සිදුකර නොමැති බව “අද” වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට කැස්ස හා උණ රෝග ලක්ෂණ පෙන්නුම් කලත්,ඒ සදහා සාමාන්‍ය ප්‍රතිකාරයක් පමණක් ලබාගැනීමට එම නිලධාරීන්ට සිදුව ඇත. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා සදහන් කර ඇත්තේ,PCR පරීක්ෂණය සිදුකිරීම සදහා ජාඇල පොලීසියේ නිලධාරීන් 90 දෙනෙකුගේ නාම ලේඛනයක් ලබාගෙන ඇති බවත් තිබෙන හැකියාව මත සුදුවැල්ල ප්‍රදේශයේ ඝෘජුවම රාජකාරීවල නිරතවූ පොලිස් හා බුද්ධි අංශ නිලධාරීන් 20 දෙනෙකු තෝරා පරීක්ෂණය සිදුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවය.

මේ වන විට දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් කොවිඩ්19 ආසාදිත නාවික හමුදා නිලධාරීන් වාර්තා වීම සිදුවන අතර නාවික හමුදා නිලධාරීන්ට කොවිඩ්19 ආසාදනය වී ඇත්තේ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ මෙහෙයුම් වලට සහභාගී වීමෙන් බව මේ වන විට තහවුරු වී තිබියදීත් එම මෙහෙයුම් වලට සහභාගී වූ පොලිස් නිලධාරීන්ට මෙතෙක් PCR පරීක්ෂණය සිදුනොකිරීම ඉදිරියේදී තවත් කොවිඩ්19 ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්ථා වීමට ප්‍රබල හේතුවක් විය හැකිය. එසේනම් එම වැරැද්ද භාරගන්නේ කවුරුන්ද???

 

(මූලාශ්‍රය – අද වෙබ් අඩවිය)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article