
ඊයේ(20) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් මේවන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර අදාල ව්‍යාපාරිකයාගේ වෑතර ප්‍රදේශයේ පිහිටි මාළු අලෙවිසැලෙන් මාළු මිලදී ගත් පිරිස් සිටී නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙස කහතුඩුව ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක මදනායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම පුද්ගලයා මාළු මිලට ගැනීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබේ.

