පසුගියදා ඩෙංගු උණ රක්තපාතය උත්සන්න වීමෙන් ජීවිතයෙන් සමුගත් සෙත්මි්ද දීනාගේ අවසන් කටයුතු අද අලුත්කූරුවේදී සිදුවිය. ඥාතීන් හා ප්‍රදේශවාසීන් පවසන්නේ මරණයෙන් පසුව මේ වනතෙක් දුමායනය වෙනුවෛන් හෝ තෙල් ගැසිමට හෝ මීගමුව නගර සභාවේ කිසිවෙකුත් නොපැමිණි බවයි. ට ඩෙංගු වෛරසය බෝවන්නට ඇත්තේ ඇය ජීවත් වූ පරිසරයෙන් විය හැක. සමහර විට පාසලෙන් විය හැක. නමුත් ගැටළුව මදුරුවන් පාලනය කිරීම නිසියාකාරව සිදුනොවීමයි.
සෙත්මිගේ දෙමාපියන්ට ඇයව ලැබී ඇත්තේ ඔවුන් විවාහ වී වසර 13කට පසුව බවත් ඇය ඔවුන්ට සිටින එකම දරුවා වීමත් මෙම නිසා ඔවුන්ගේ පවුලට මෙය මහා සුනාමියක් වූ බව නිසැකය.
මීගමුව නගර සභාව ජනතාවගේ සහයත් ගෙන දැන්වත් මදුරු ගහනය පාලනය කිරීම ආරම්භ කළ යුතුය. සේවකයන් මදිනම් තාවකාලිව හෝ ස්වෙච්චජා සේවකයන් හෝ බදවාගෙන පරිසරය අපිරිසිදු වී ඇති තැන් පිරිසිදු කිරීමටත් තෙල් ගැසිමටත් ආරම්භ කළ යුතුය. මේ සදහා ප්‍රතිපාදන මදි නම් ඒ සම්බන්ධයෙන් ගැනීමට ඔ්නෑ තරම් පියවර ඇත.
නගර සභාවට අලුත් ගොඩනැගිලි හදන්නට මුදල් තිඛෙනවා නම් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඇතිකරීමට මුදල් නැතිවීම සාධාරණය කළ හැකිද?
නගර සභාවක මූලික වගකීම වන්නේ නගරයේ පිරිසිදුකම සහ සෞඛ්‍යසම්පන්න පරිසරයක් ඇති කරීමයි. මේ වනවිට මීගමුව නගර සභාවේද ඩෙංගු කීටයන් සොයාගෙන ඇති අතර සේවකයන්ට ද ඩෙංගු උණ වැළදී ඇත.
නගරයේ ර බැලූ බැලූ තැන කුණුය. කලපුවට කලපුව අවට ජීවත්වන මිනිසුන්ම කුණු දමති. වෙරළට වෙරළ අසලම ඉන්න මිනිසුන් ගැහැණුන් තමන්ගේ ගෙදර තිඛෙන කුණු ටික මුහුදට විසී කරයි.
මේවා නැවැත්වීමට අවවාද වලින් බැරිනම් නීතියෙන් පියවර ගතයුතුය. 5000 කට වඩා දඩයක් කලපුවට හෝ මුහුදට කුණු දමන්නන්ට ගෙවිමට අලුත් නීතියක් ගෙන ආ යුතුය.
මේ තත්ත්වය කිසිසෙත් නගරයේ ජනතාවට සුදුසු තත්ත්වයක් නොවන අන තර දැන් ජනතාවට ඉතිරිව ඇත්තේ නගර සභාවට එරෙහිව නීතිමය පියවරක් ගැනීමය. ඒ සදහා බදුගෙවන ජනතාවට අයිතියක් තිඛෙන අතර එය කවුරුන් විසින් හෝ කර දෙනකම් බලා නොඉද පියවරක් ඉදිරියට තැබිය යුතුය. ඒ සදහා නගර සභාවට බැන බැන ඉන්නවාට වඩා එය වඩාත් සුදුසුය.
මෙය නගරයේ ඔ්නෑම පුරවැසියෙකුට කළ හැක.
නගර සභා පාලනය දැන් කොමසාරිස්වරයා සතුව තිබුණත් දේශපාලන පක්ෂ නායකයින්ට ද මේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් විය හැකිය.
නමුත් එසේ නොවන්නේ ඇයි ? නගර සභා ඡන්දයට ඉදිරිපත් වී ඔවුන් බලයට පැමිණ ප්‍රශ්න විසදන තුරු තවත් සෙත්මි ලා කී දෙනකු ගේ ජීවිත වලින් වන්දි ගෙවිය යුතුද ?