එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර ඇත.
මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඔහු රැඳී සිටින නිවස, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙලෙස පරීක්ෂාවට ලක්කළ බවයි.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අදාල පරීක්ෂා කිරීම සිදුකර ඇත.
මේ අතර දැනට සුලු මොහොතකට පෙර වාර්ථා වුයේ පාර්ලමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක විසින් සිය නිල පිස්තෝලය සඳහා භාවිතා කරන උණ්ඩ සඳහා බලපත්‍රය අලුත් කිරීම ප්‍රමාදවීම නිසා රන්ජන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.