Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

රන්රන් අද අධිකරණයට

Must read

බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (05) නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්ථා වෙයි. රාමානායක මහතා ඊයේ දිනයේදී අත්අඩංගුවට පත්වූයේ පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබාදුන් ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේය.

කෙසේ වෙතත් තමන් අත්අඩංගුවට ගැනීමට සිය මාදිවෙල පිහිටි නිවසට පොලිස් සිලධාරීන් පැමිනීමත් සිය නිවස පරික්ෂාවට ලක් කිරීමත් සමාජ මාධ්‍ය හරහා සජීවී ලෙස විකාශය කිරීමට රන්ජන් රාමානායක මහතා කටයුතු කර තිබිණි. එහිදී අදහස් දක්වමින් රාමානයක මහතා සදහන් කර සිටියේ අවසානයේදී තමන් අත්අඩංගුවට ගැනීමට කාරණාවක් සොයාගැනීමට පොලිස් නිලධාරීණ්ට හැකිවූ බවයි. රජය විසින් ලබාදෙන ගිනි අවියේ බලපත් යාවත්කාලීන නොරකන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නේ නම් 250ක් අවම 150ක් වත් අත්අඩංගුවට ගත යුතු බවද රාමානායක මහතා එහිදී පැවසා සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article