රටේ සම්පත් ආරක්ෂා කරන බවට හා පසුගිය ආණ්ඩුව විසින් විදේශිකයන්ට ලබාදුන් රාජ්ය සම්පත් නැවත ගන්නා බවට වර්තමාන ආණ්ඩුව මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු ලබාදුන්නත් එම ජනවරමට පිටුපාමින් වත්මන් ආණ්ඩුවත් රාජ්ය සම්පත් විකිණීම ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරයි.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සදහන් කර සිටියේ බේරේ වැව හා ෂැන්ග්රිලා හෝටලය අතර තිබෙන අක්කර තුනක ඉඩම රුපියල් කෝටි හත්සිය අසූවකට (780) සිංගප්පූරු සමාගමකට බදු ලබාදීමට සැලසුම් කර ඇති බවත් මත්තල ගුවන්තොටුපල ලබාදීමට විදේශීය ආයෝජකයින් සොයමින් සිටින බවත්ය.