Saturday, September 21, 2024

බෝට්ටුවක් පෙරලීමෙන් අනවසර සංක්‍රමණිකයන් 200ක් මරුට..

Must read

ලිබියාවේ සිට යුරෝපයට පලායමින් සිටි අනවසර සංක්‍රමණිකයන් රැගත් බොට්ටු දෙකක් අද ලිබියාවට ආසන්න වෙරලේදී පෙරලී තිබෙනවා.මේ සිදුවීමෙන් 200කට අධික පිරිසක් මියයන්නට ඇතැයි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසනවා. මේ වන විට මිය ගිය 5 දෙනෙකුගේ පමණක් සොයාගෙන ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ මේ දක්වා ජීවතුන් අතර සිටින කිසිවෙකු හමුවූයේ නැති නිසා නිශ්චිතවම මියගිය ගණන සදහන් කිරීමට අපහසුබවයි. ඔවුන් සැක කරන ආකාරයට අනතුරට ලක්වූ බෝට්ටු දෙකේ මගීන් 240ක් පමණ ගමන් කොට තිබෙනවා.

ලිබියාවේ සිට ඉතාලිය හරහා යුරෝපයට සංක්‍රමණය වීමට උත්සහ දරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩි වන බවයි ඉතාලි වෙරල ආරක්ෂඛ අංශ පවසන්නේ. පසුගිය දින කිහිපය තුල පමණක් මේ ආකාරයේ ගලවා ගැනීමේ මෙහෙයුම් 40ක් පමණ තම කණ්ඩායම විසින් සිදුකල බවත් ඉතාලි වෙරළ ආරක්ෂක අංශ පවසනවා. මේ වසරේ මේ දක්වා 20,000ක පමණ පිරිසක් ලිබියාවේ සිට ඉතාලිය දක්වා පැමිණ ඇති අතර එම ගමනේදී පුද්ගලයන් 559ක් මියගොස් හෝ අතුරුදහන් වී තිබෙනවා. මේ සංඛ්‍යාව පසුගිය වසරට සාපාක්ෂව විශාල වැඩිවීමක්ගපසුගිය වසරේ මුල් මාස 3 තුල ලිබියාවේ සිට සංක්‍රමණිකයන් 19,000ක් පැමිණ ඇති අතර මියගිය හෝ අතුරුදහන් වූ පිරිස 350ක් පමණ වන බවයි වාර්ථා වන්නේ. මේ වසරේ තවමත් පලමු මාස තුන අවසන් වී නැති බැවින් තවත් විශාල අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මේ ආකාරයෙන් ඉතාලිය වෙත පැමිණීමට උත්සහගනු ඇතැයිද එරට වෙරල ආරක්ෂක අංශ පවසනවා.

1

http://www.bbc.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article