Saturday, September 21, 2024

2015 යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි – ටීඑන්ඒ

Must read

TNAශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට ජිනීවා මානව හිමිකම් කොමිසමේදී 2015 ඔක්තෝබර් මස පළමු වෙනිදා ඉදිරිපත්වූ සියළුම යෝජනා එකම ඡේදයක් හෝ වෙනස් නොකොට ඒ ආකරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානය මෙවැනි තීරණයකට පැමිණියේ මාර්තු මස 11 වෙනිදා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ පැවති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සියළු දෙනා සහභාගි වී සිටියහ.

TNA1

සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ඉදිරිපත් වූ යෝජනා ක්‍රියාවට නැංවීමේදී දැඩි කොන්දේසි ක්‍රියාත්මක විය යුතු බවය.

එම යෝජනා ක්‍රියාත්මක වීම සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය තීරණය කළ බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

TNA2

යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම කරුණු නිසි ලෙස ඉටු නොකරන්නේනම් පීඩාවට පත් ජනතාවට ජාත්‍යන්තර නීතියට අනුව ප්‍රතිලාභ අත් කරදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මැදිහත්විය යුතු බවට දෙමළ ජාතික සන්ධානය විසින් යෝජනාවක්ද ඉදිරිපත් කරනු ලැබ තිබේ.

දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා ලද එම තීරණ වලට ඊ පී ආර් එල් එෆ් සංවිධානය එකඟ නොවූ බව පැවසූ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ තීරණ සියල්ලම රජයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද පැවසුවේය.

 

 

උපුටාගැනීම – http://www.bbc.com/sinhala

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article