Sunday, January 12, 2025

හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ තරුණ නායකයා අත්අඩංගුවට

Must read

හොංකොං හි ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී ක්‍රියාකාරීකයෙකු වන Joshua Wong මාස කිහිපයක් සිරගතව සිටීමෙන් පසු නැවතත් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.සිදුවීම ඇසින් දුටුවන්ට අනුව Wong බලහත්කාරයෙන් වෑන් රථයකට නංවාගෙන Wan Chai පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් තිබෙනවා. එමෙන්ම Wongගේ දේශපාලන පක්ෂයේ තවත් සාමාජිකයෙකුද මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු පිලිබදවමේ වන කෙන් තොරතුරක් වාර්ථා වී නැත.

හොංකොං හි Demosisto පක්ෂයේ මහලේඛම්වරයා වශයෙන් සේවය කල Wong , මෙලෙස අත්අඩංගුවට පත්වීම හා රදවාතබාගැනීම් වලට අදාල චෝදනා කිසිවක් පොලීසිය විසින් දිරිපත් නොකරන බවද Demosisto පක්ෂය විසින් චෝදනා කරයි.

මේ වන තෙක් Wong හා Chow නැමැති ඔහුගේ පක්ෂයේ අනෙක් සගයා අත්අඩංගුවට ගැනීම හොංකොං පොලීසිය විසින් තහවුරු කිරීමක් සිදුනොකිරීමද විශේෂත්වයකි.

22 හැවිරිදි Wong 2014 වසරේදී මාස දෙකක පමණ කාලයක් හොංකොං රාජ්‍යයේ කටයුතු ඇණ හිටීමට හේතු වූ ඊනියා Umbrella Movement හි නායකයෙකු වශයෙන් කටයුතු කල පුද්ගලයෙකි.

අර්ධ ස්වයංපාලන චීන පාලන ප්‍රදේශය තුළ දැනට පවතින විරෝධතා අවුලුවාලූ පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත අහෝසි කරන ලෙස වොන්ග් හොංකොං රජයෙන් ඉල්ලා සිටියේය. මේ හේතුවෙන් දැඩි දේශපාලන අර්බුදයකට හොංකොං නායකයන් මුහුණ දුන් අතර මේ සම්බන්දයෙන් පවත්වන තවත් විශාල රැළියක් සෙනසුරාදා දිනයේදී පැවැත්වීමටද නියමිතව තිබිණි.නගරය තුල ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය බීජිං විසින් ප්‍රතික්ෂේප කිරීමේ 5වන සැමරුම සෙනසුරාදා දිනයට යෙදී ඇති බව දින 79ක් තිස්සේ ක්‍රියාත්මක වූ Umbrella Movement ආරම්භ වීමටද  හේතු වූයේ එම ප්‍රතික්ෂේප කිරීම යැයි සැලකේ.

මේ වන විට චීනය විසින් සහය දක්වන රජයට විරුද්ධව රට පුරා විරෝධතාවන් ක්‍රියාත්මක වන අතරඒ සම්බන්දයෙන් පසුගිය ජුනි මස සිට මේ දක්වා පුද්ගලයන් 850ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article