Monday, September 14, 2026
spot_img

6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක්

Must read

දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම පාසල් ශිෂ්‍යාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි. මේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඒකාබද්ධව මේ පිළිබඳව හෙට (04 වැනිදා) අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය. ඒ අනුව මේ සම්බන්දයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ මෙරට ලක්ෂ 12කට අධික ශිෂ්‍යාවන් සිය ඔසප් කාලය තුල මසකට දින දෙකක පමණ කාලයන් පාසල් ඒමෙන් වැලකී සිටින බව හෙළිවීමත් ඒ හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වන බව නිරීක්ෂණය වීමත්ය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේකෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය මැතිවරණ පොරොන්දුවක් වශයෙන් කාන්තාවන් සදහා සනීපාරක්ෂක තුවාල නොමිලේ ලබදීම ඉදිරිපත් කලත් එම අවස්ථාවේදි වත්මන් රජයට සහය දක්වන පිරිස් වල උපහාසයට එම තීරණය හේතු විය.

නමුත් මේ වන විට රජය විසින් පාසල් දැරියන් වෙත සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article