Friday, September 20, 2024

6වන ශ්‍රේණියෙන් ඉහළට වෘත්තීය මාර්ගෝපදේශය අනිවාර්යයි

Must read

පාසල්වල 6 වැනි ශ්‍රේණියෙන් ඉහළට වෘත්තීය මාර්ගෝපදේශනය අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කරයි. මේ හරහා පාසල් අධ්‍යාපනය ලබන අවධියේම රැකියා අභිමුඛ පුහුණුවකට සිසුන් යොමු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මීට අමතරව  දරුවන් අතර පවතින විවිධාකාරයේ මානසික හා සාමාජ ගැටලුවලට විසදුම් ලබාදීම සදහා පාසල්වල උපදේශන ක්‍රියාවලිය අනිවාර්ය කිරිමට ද නියමිතය.

එමෙන්ම විශේෂයෙන් 9 වැනි ශ්‍රේණිය සමත්වන සෑම දරුවෙකුටම අනිවාර්ය අධ්‍යාපන කාලය අවසන් කළ බවට සහතිකයක් ද නිකුත් කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article