Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

5 ශිෂ්‍යත්ව සමතුන්ගේ ශිෂ්‍යාධාර online ක්‍රමයට

Must read

 

5 ශ්‍රේණියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන අඩු ආදායම්ලාභී සිසුන් 15000කට පමණ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන කාල සීමාව තුල ශිෂ්‍යාධාර ලබාදීම වාර්ෂිකව අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිදුකරනු ලබයි.
මෙසේ ලබාදෙන ශිෂ්‍යාධාර සිසුන්ට අපහසුවක් නොවන ආකාරයෙන් හා නියමිත කාලයක් තුල ලබාදීම සදහා තාක්ෂණයද උපයෝගී කරගන්නා ලෙස අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතා විසින් නිලධාරීන්ට ලබාදුන් උපදෙසකට අනුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ජාතික පාසල් වල සිසුන්ගේ සියළුම දත්ත හා ලබාගන්නා ලකුණු මේ වන විට online ක්‍රමයකට ඇතුලත් කල හැකි පරිදි සකසා ඇත.

එම නිසා පැවති ගැටලු සහ ප්‍රමාදයන් මෙම Online ක්‍රමය මඟින් විස‍ඳෙන අතර එමඟින් අදාළ ශිෂ්‍යාධාර මුදල් සිසුන්ගේ ගිණුමට නොපමාව බැරවීම සිදුවේ.

එමෙන්ම මේ තාක් සිසුන්ට ලබාදුන් රු.500මාසික ශිෂ්‍යාධාරමුදල රු.750දක්වා වැඩි කිරීමටද තීරණය කර ඇත.

ඉදිරියේදී මෙම වැඩපිලිවෙලට වෙනත් පාසල් හා පෙරිවෙන්ද ඇතුලත් වනු ඇති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article