Monday, November 25, 2024

2020 මුල් දින 15ට ස්ත්‍රී දූෂණ 142යි, ළමා අපයෝජන 54යි

Must read

2020 වසරේ මුල් දින 15 තුදී පමණක් ස්ත්‍රී දූෂණ 142ක්,බරපතල ලිංගික අපයෝජන 42ක් හා ළමා අපයෝජන 54ක් වාර්ථා වී ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සිදුකල විමසුමකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මේ වන අනාවරණය කරන ලදී. මෙම සිදුවීම් වලින් ස්ත්‍රී දූෂණ 78ක, බරපතල ලිංගික අපයෝජන 21ක හා ළමා අපයෝජන 34ක පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

මෙම සිදුවීම් අතරින් වැඩිම අපයෝජන සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මඩකලපුව පොලිස් කොට්ටාසයෙන් වන අතර එම කොට්ටාසයෙන් ස්ත්‍රී දූෂණ සිදුවීම් 44ක් , බරපතල ලිංගික අපයෝජන 8ක් හා ළමා අපයෝජන සිදුවීම් 17ක් සිදුව ඇති බවද අමාත්‍යවරයා සදහන් කලේය.

ඓමෙන්ම 2012 වසරේ සිට 2020 දක්වා කාල සීමාව තුල ස්ත්‍රී දූෂණ 11,998ක්,බරපතල ලිංගික අපයෝජන 4806ක්,ළමා අපයෝජන 5891ක් වාර්ථා වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article