Sunday, January 12, 2025

2020 පළමු චන්ද්‍රග්‍රහණය අද

Must read

2020 වසරේ පළමු චන්ද්‍රගහණය අද(10) රාත්‍රියේ දිස්වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය පවසයි. මෙය ඡායා චන්ද්‍රග්‍රහණයක් වශයෙන් හදුන්වන අතර එහිදී චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළුවීම සිදුවෙයි.

මෙරට වේලාෙවන් අද (10) රාත්‍රී 10.38ට චන්ද්‍රග්‍රහණය ආරම්භ වීමට නියමිත අතර ග්‍රහණය අවසන් වනුයේ 11 දින අළුයම 2.42 ට ය. එහි උච්චතම අවස්ථාව 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ට එළඹීමට නියමිතය.

මෙම ඡායා චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර  පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව)ට පමණක් ඇතුළු වීම සිදුවේ. ඒ හේතුවෙන් මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනෙන බව චන්දන ජයරත්න මහතා පැහැදිලි කරයි. ඒ හේතුවෙන් ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හඳුනා ගැනීම තරමක් දුෂ්කර බවත් ඒ මහතා පවසයි.

 

.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article