Saturday, May 18, 2024

2013 වසරේදී බාලවයස්කාර පිරිමි දරුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙකුට වසර 2ක සිරදඩුවම්

Must read

බාලවයස්කාර පිරිමි දරුවෙකුව කෲරත්වයට පත් කළ විදුහල්පතිවරයෙකුට වසර 2ක බරපතළ වැඩසහිත සිරදඬුවම්  නියම කර තිබේ.

20130 වසරේදී වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් විමර්ශන සිදුකර තිබේ.

මෙසේ දඩුවම් හිමිව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි විදුහල්පතිවරයෙකුට වන අතර නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් පසුව, චූදිතයා විසින් ම තමා වරදකරු බවට පිළිගෙන ඇත. ඒ අනුව අධිකරණය විසින් විදුහල්පතිවරයාට වසර 2ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කර, වසර 5කට අත්හිටුවා ඇති අතර, රු. 5000/=ක දඩ මුදලක් ද ගෙවීමට ද නියම කර තිබේ.

එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 3ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 25,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර ඇත.

එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසරක සිරදඬුවම් ලබා දීමට ද නියම කර ඇතැයි ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article